Wiktionary වෙතින්
Jump to navigation Jump to search

සිංහල


විරාම ලක්‍ෂණය කුණ්ඩලිය නමිවේ. මෙය යෙදෙන්නේ කිසියම් ශබ්දයක් සංකේතවත් කිරීමට නොවන බැවින් සිංහල හෝඩියට අනුව අකුරක්වත් පිල්ලක් වත් නොවේ. වාක්‍යයක් හෝ ඡේදයක් හෝ අවසන් වන බව හඟවනු වස් මෙම කුණ්ඩලිය යෙදෙයි [1]. කුණ්ඩලිය, සිංහල භාෂාවට අනන්‍ය විරාම ලක්‍ෂණයකි. එකල පුස්කොළ පොත් වල නැවතීමේදි තිතක් තබන විට උල්පත් පෑනේ තියුණු තුඩට පුස්කොළය සිදුරු වන නිසා, නැවතීමේ තිත, කුඩා පාටකල වෘත්තකටත් (●), එතැනින් කුණ්ඩලියටත් (ලිපිය අවසානයේදී යෙදීමේදී) පරිණාමය වී ඇත.

"https://si.wiktionary.org/w/index.php?title=෴&oldid=17841" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි