නරියා

Wiktionary වෙතින්
සිංහල



නරියා යනු කතන්දරකාරයන්ට නැතිවම බැරි ජනප්‍රිය සත්වයෙකි. ඊසොප් වැනි පුරාණ උපමා කතාකාරයෝ පවා නරියාගෙන් වැඩ ගත්හ. ඇතැම් කතාවලදී නරියා අණ්ඩපාලයෙකි. දිය යටින් ගින්දර ගෙනියන කපටියෙකි. කටකාරයෙකි. ජෝකරයෙකි. දැන් කාලේ නරි අඩුය. ඒ නිසා නරි කතාද අඩුය. කෘෂි රසායන යෙදූ කුඹුරැවල කක්කුට්ටන් කෑම නිසා, ගම්වල සිටි නරි වඳවුණි. ඌරු පැටව් කෑමට නරි නැති නිසා වල්ඌරෝ බෝවීම වැඩිවුණි. නරි නැති රටේ වල්ඌරෝ කැකුණ තලති.

"https://si.wiktionary.org/w/index.php?title=නරියා&oldid=18202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි